Tuesday, August 12, 2014

Shakira & Rihanna sing together


ශකීරා යනු මෙරට පවා බොහොමයක් රසිකයන්ගේ හිතට ඇතුල්වූ බටහිර ගායිකාවක් සහ නිරූපිකාවකි. ශකීරා තරම් නොවූවත් රිහානාද එසේම ජනප්‍රිය තරුවකි. මේ දෙදෙනා එක්ව නිර්මාණය කල Can't remember to forget you යන ගීතය ලොව පුරාම කැලඹීමට පත්කලේ එහි ඇති සරාගීබව නිසාම වන බව රහසක් නොවේ. ඇතැම් රටවල් එම ගීතය ප්‍රදර්ශනය පවා තහනම් කලේ එහි ඇති අත්‍ය අනුරාගීභාවය නිසාවෙන්මය.
   කෙසේ වෙතත් මේ දෙදෙනා නම් පවසන්නේ තමන්ගේ නිර්මාණය සාර්ථක බවයි. විශේෂයෙන්ම ලොව පුරා ගීත දර්ශක වල ධාවනය වුණ මෙම ගීතය සැබෑ ලෙසම ඔවුන්ගේ සාර්ථකත්වයක් වුනත් ලොව පුරා එය කැලඹීමක් ඇති කලේ නිර්මාණාත්මකභාවයෙන් නොව එහි ඇති සාරාගීභාවය නිසාම බව පිළිගත යුතුය.

Wednesday, May 21, 2014

Breast painting girl



පියයුරු වලින් චිත්‍ර අඳින කාන්තාව

චිත්‍ර ඇඳීම සාමාන්‍ය දෙයක්. නමුත් කෙනෙක් තමන්ගේ තනපුඩු එහෙමත් නැත්නම් පියයුරු වලින් චිත්‍ර අඳිනවනම් ඒක පුදුමාකාර දෙයක්. ඇමරිකාවේ වාසය කරන ලතින් කාන්තාවක් වන Kira Ayn Varszegi තමයි මේ අපූරු කාන්තාව වන්නේ. ඇය තමන්ගේ පියයුරු භාවිතා කරලා අඳින් චිත්‍ර ඉතාමත් අලංකාර ඒවා වන අතරම ඒවා ඉතාමත් ඉහල මිලකට අලෙවිවීමද සුවිශේෂී සිදුවීමක්. ඇය විසින් එසේ නිර්මාණය කල චිත්‍ර කීපයක් ඔබට බලන්නට පුළුවන්.

Tuesday, May 20, 2014

Sri Lanka vs. England 1st T20 Match Live Streamin




Will Wimal Weerawansha leave the Government?

කුජදා සටහන

එක්සත් ජනතා නිදහස් සංධාන රජයේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන විමල් වීරවංශ මහතා එක්වරම රජය විවේචනය කරමින් ප්‍රසිද්ධ වේදිකාවේ පව රජයට එරෙහිව ප්‍රකාශ කිරීම පසුගිය සති දෙකේ සුවිශේෂී සිදුවීමක් බවට පත්විය. ඉන් නොනැවතී රජයට යෝජනා දොළහක් ඉදිරිපත්කිරීමට ඔහු සූදානම් කර ඇති අතර එම යෝජනා ආගමික නායකයන්ටද ප්‍රදානය කිරීමට පසුගියදා සිදුවිය. එමගින් මුළු රටම එම යෝජනා පිළිබඳව දැනුවත් කිරීම ඔහුගේ අරමුණ වී ඇත.
    ප්‍රසිද්ධ වේදිකාවල මෙන්ම මාධ්‍ය ආයතනවල වැඩසටහන්වලදීද ඔහුගේ ප්‍රධානතම විවේචනාත්මක ඉලක්කය වී ඇත්තේ මුදල් අමාත්‍යංශයේ ලේකම් පී.බී.ජයසුන්දරය. “ආර්ථික ඝාතකයා“ යන අනුවර්ථ නාමය භාවිතා කරමින් විමල් අමාත්‍යවරයා පී.බී ගේ ක්‍රියාකලාපය දැඩි ලෙස දෝෂාරෝපණයට ලක්කර ඇත. විමල් අමාත්‍යවරයා පවසන අකාරයට පී.බී ලංකාවේ ආර්ථිකය “හයි-ජැක්“ කර ඇත. තාර්කිකව එය සනාථ කල හැකි කරුණු ඔහු විසින් ඉදිරිපත් කරමින්ද සිටි.

Monday, May 19, 2014

Hathurusinghe is the new coach of Bangladesh


බංගලාදේශ නව පුහුණුකරු හතුරුසිංහ

දිගින් දිගටම අසාර්ථකභාවයට පත්වූ බංගලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණකරුවා ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චන්දික හතුරුසිංහ මහතා පත්කිරීමට බංගලාදේශ ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත. ඒ අනුව ඔහු ලබන මස සිට එම තනතුරේ වැඩ බාර ගැනීමට නියමිතය. දක්ෂ ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත බංගලාදේශ කණ්ඩායම පසුගිය ශ්‍රී ලංකා තරඟාවලිය මෙන්ම, ආසියානු කුසලාන  තරඟාවලිය සහ විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේදී දැඩි පසුබෑමකට ලක්විය. ඒ හේතුවෙන් පුහුණුකාරිත්වයේ වෙනසක් සිදුකිරීමට ඔවුන් තීරණය කලහ.

Minister Nandimithra's Political life about to end


මගේ දේශපාලන ජීවිතය ඉවරයි
මෝඩයන්ට වඩා තරුණයන් හොඳයි

පසුගිය දිනක තමන් විපක්ෂයේ පොදු අපේක්ෂකයා බවට පත්වීමට සූදානම් බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කර එය තමන් “ජෝක් එකට“ කී දෙයක් බව පවසා ජනතාව සහ මාධ්‍ය ජෝක් එකකට ගත් අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක ඊයේ පවසා ඇත්තේ තමන්ගේ දේශපාලන ජීවිතය දැන අවසානයට ලඟාවී ඇති බවයි. රැස්වීමකදී ජනතාව අමතමින් මෙසේ ප්‍රකාශකර ඇත. මෙය කිනම් පදනමක් මත කල ප්‍රකාශයක්ද යන්න ඔහු පැහැදිලිව සඳහන් කර නැත. වත්මන් දේශපාලනය තුල දේශපාලඥයෙක් වශයෙන් ක්‍රියාකර පලක් නැතිබවද ඔහු සඳහන් කර ඇත.

Sunday, May 18, 2014