Saturday, May 17, 2014

Manmohan Singh says Good bye

ආචාර්ය මන්මෝහන් සිං අගමැතිකමට ආයුබෝවන් කියයි


ඉන්දියාවේ අගමැතිවරයා වශයෙන් වසර 10කට ආසන්න කාලයක් කටයුතු කල ආචාර්ය මන්මෝහන් සිං මහතා අද සිය ධූරයෙන් ඉල්ලා අස්විය. නව අගමැතිවරයා වන භාරතීය ජනතා පක්ෂයේ නරේන්ද්‍ර මෝඩිට තනතුරේ දිවුරුම් දීම උදෙසා එතුමන් මෙසේ ඉල්ලා අස්විය. ආසියාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ මහා පහන්ටැඹ ලෙස හඳුන්වනු ලබන මන්මෝහන් සිං මහතා ඉන්දියාව සතුව සිටින ඉහලම බුද්ධිමතෙක් මෙන්ම සරල නායකයෙක්ද වේ. කෙසේ වෙතත් එතුමන්ගේ සමුගැනීමේ සාදයට කොංග්‍රස් පක්ෂයේ අගමැතිධූර අපේක්ෂක රාහුල් ගාන්ධි මහතා සහභාගී නොවීමද දැඩි කතාබහට ලක්වූ කරුණක් විය.

වසර දහයක කොංග්‍රස් රජයේ දුර්වල ආර්ථික සහ විදේශ ප්‍රතිපත්ති නිසාවෙන් දරුණු පරාජයක් ලැබූ බව බොහොමයක් විචාරකයන්ගේ මතයයි. ලංකාව කෙරෙහිද දැක්වූ දියාරු ප්‍රතිපත්ති හේතුවෙන් බොහොමයක් ලාංකිකයන්ද මෝඩිගේ ජය අපේක්ෂාවෙන් සිටියහ. මන්මෝහන් සිං සිය පදවියෙන් සමුගන්නේ ඉන්දියානු මැතිවරණ ඉතිහාසයේ කොංග්‍රසයට හිමිවූ දරුණුම පරාජයද උරුමකර දෙමින්ය

No comments:

Post a Comment