දැයට කිරුළට රුහුණේ ඉඩ නෑ
එස්.බී දඟලන්නේ ගමේ චණ්ඩියෙක් වගේ
රුහුණ විශ්වවිද්‍යාලයේ පැවැත්වීමට යෝජිත 2015 දැයට කිරුළ ජාතික ප්‍රදර්ශනය එහි පැවැත්වීමට තම ශිෂ්‍ය බලවේගය කිසිසේත්ම ඉඩ නොදෙන බව අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු නජිත් ඉන්දික මහතා කියා සිටී. විශේෂයෙන්ම ශිෂ්‍යයන්ගේ ප්‍රශ්න විසඳනවා වෙනුවට විශ්වවිද්‍යාල තුල නාස්තිකාර ප්‍රදර්ශන පවත්වා ඒවායින් ගසාකෑමට රජය ගන්නා උත්සහයට තමන් විරුද්ධ බව ඔහු වැඩිදුරටත් කියා සිටී.
උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ගමේ චණ්ඩියෙක් මෙන් හන්දි හන්දි ගාණේ සරම උස්සාගෙන කෑගැසුවාට කිසිම විටක රජයේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට සරසවිය තුල තම ශිෂ්‍ය බලවේගය ඉඩනොදෙන බව ඔහු කියා සිටී. සරසවි සිසුන්ගේ මහපොල වාරිකය වසර 10 කට ආසන්න කාලයක් තිස්සේ තවමත් රුපියල් 2500ක මුදලක් වන අතර එම වසර දහය තුල බඩුමිල කීවතාවක් නම් වැඩිවී ඇත්ද යන්න සිතා බැලිය යුතු කරුණකි. එසේම දේශන ශාලා පහසුකම්වල සහ නේවාසිකාගාර ගැටළු මෙන්ම විවිධ පාඨමාලාවලද ගැටළු තිබියදී මෙලෙස ප්රදර්ශනකාමී මානසිකත්වයෙන් ක්‍රියාකරන රජයට සහ ඇමතිවරයාගේ ක්‍රියාකලාපයට තමන් විරුද්ධ බව ප්‍රකාශ කර ඇත.
No comments:
Post a Comment