Monday, May 19, 2014

Minister Nandimithra's Political life about to end


මගේ දේශපාලන ජීවිතය ඉවරයි
මෝඩයන්ට වඩා තරුණයන් හොඳයි

පසුගිය දිනක තමන් විපක්ෂයේ පොදු අපේක්ෂකයා බවට පත්වීමට සූදානම් බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කර එය තමන් “ජෝක් එකට“ කී දෙයක් බව පවසා ජනතාව සහ මාධ්‍ය ජෝක් එකකට ගත් අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක ඊයේ පවසා ඇත්තේ තමන්ගේ දේශපාලන ජීවිතය දැන අවසානයට ලඟාවී ඇති බවයි. රැස්වීමකදී ජනතාව අමතමින් මෙසේ ප්‍රකාශකර ඇත. මෙය කිනම් පදනමක් මත කල ප්‍රකාශයක්ද යන්න ඔහු පැහැදිලිව සඳහන් කර නැත. වත්මන් දේශපාලනය තුල දේශපාලඥයෙක් වශයෙන් ක්‍රියාකර පලක් නැතිබවද ඔහු සඳහන් කර ඇත.


මෝඩ දේශපාලඥයන්ට වඩා තරුණයන්ට ඉඩ දිය යුතු බවත් එයින් ඉදිරියේදී හෝ දේශපාලනය යහපත්වනු ඇති බව ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශකර තිබේ. පාරක් හැඳීමට කිලෝමීටරයකට යන මුදලින්  පවා දේශපාලඥයන් ගසාකන රටක දේශපාලනයේ නිරතීවීම අනුවණ කමක් බවත් එබැවින් ඊට වඩා දේශපාලනයෙන් ඉවත්වීම යහපත් බවද පවසා ඇත.

නන්දිමිත්‍ර අමාත්‍යවරයා පසුගිය දිනවල මෙවැනි ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදුකරන්නේ සත්‍ය වශයෙන්මද නැතිනම් හුදෙක් මාධ්‍ය අවධානය දිනාගැනීම උදෙසාද යන්න ප්‍රශ්නාර්ථයකි.

No comments:

Post a Comment