Wednesday, May 21, 2014

Breast painting girl



පියයුරු වලින් චිත්‍ර අඳින කාන්තාව

චිත්‍ර ඇඳීම සාමාන්‍ය දෙයක්. නමුත් කෙනෙක් තමන්ගේ තනපුඩු එහෙමත් නැත්නම් පියයුරු වලින් චිත්‍ර අඳිනවනම් ඒක පුදුමාකාර දෙයක්. ඇමරිකාවේ වාසය කරන ලතින් කාන්තාවක් වන Kira Ayn Varszegi තමයි මේ අපූරු කාන්තාව වන්නේ. ඇය තමන්ගේ පියයුරු භාවිතා කරලා අඳින් චිත්‍ර ඉතාමත් අලංකාර ඒවා වන අතරම ඒවා ඉතාමත් ඉහල මිලකට අලෙවිවීමද සුවිශේෂී සිදුවීමක්. ඇය විසින් එසේ නිර්මාණය කල චිත්‍ර කීපයක් ඔබට බලන්නට පුළුවන්.

Tuesday, May 20, 2014

Sri Lanka vs. England 1st T20 Match Live Streamin




Will Wimal Weerawansha leave the Government?

කුජදා සටහන

එක්සත් ජනතා නිදහස් සංධාන රජයේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන විමල් වීරවංශ මහතා එක්වරම රජය විවේචනය කරමින් ප්‍රසිද්ධ වේදිකාවේ පව රජයට එරෙහිව ප්‍රකාශ කිරීම පසුගිය සති දෙකේ සුවිශේෂී සිදුවීමක් බවට පත්විය. ඉන් නොනැවතී රජයට යෝජනා දොළහක් ඉදිරිපත්කිරීමට ඔහු සූදානම් කර ඇති අතර එම යෝජනා ආගමික නායකයන්ටද ප්‍රදානය කිරීමට පසුගියදා සිදුවිය. එමගින් මුළු රටම එම යෝජනා පිළිබඳව දැනුවත් කිරීම ඔහුගේ අරමුණ වී ඇත.
    ප්‍රසිද්ධ වේදිකාවල මෙන්ම මාධ්‍ය ආයතනවල වැඩසටහන්වලදීද ඔහුගේ ප්‍රධානතම විවේචනාත්මක ඉලක්කය වී ඇත්තේ මුදල් අමාත්‍යංශයේ ලේකම් පී.බී.ජයසුන්දරය. “ආර්ථික ඝාතකයා“ යන අනුවර්ථ නාමය භාවිතා කරමින් විමල් අමාත්‍යවරයා පී.බී ගේ ක්‍රියාකලාපය දැඩි ලෙස දෝෂාරෝපණයට ලක්කර ඇත. විමල් අමාත්‍යවරයා පවසන අකාරයට පී.බී ලංකාවේ ආර්ථිකය “හයි-ජැක්“ කර ඇත. තාර්කිකව එය සනාථ කල හැකි කරුණු ඔහු විසින් ඉදිරිපත් කරමින්ද සිටි.

Monday, May 19, 2014

Hathurusinghe is the new coach of Bangladesh


බංගලාදේශ නව පුහුණුකරු හතුරුසිංහ

දිගින් දිගටම අසාර්ථකභාවයට පත්වූ බංගලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණකරුවා ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චන්දික හතුරුසිංහ මහතා පත්කිරීමට බංගලාදේශ ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත. ඒ අනුව ඔහු ලබන මස සිට එම තනතුරේ වැඩ බාර ගැනීමට නියමිතය. දක්ෂ ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත බංගලාදේශ කණ්ඩායම පසුගිය ශ්‍රී ලංකා තරඟාවලිය මෙන්ම, ආසියානු කුසලාන  තරඟාවලිය සහ විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේදී දැඩි පසුබෑමකට ලක්විය. ඒ හේතුවෙන් පුහුණුකාරිත්වයේ වෙනසක් සිදුකිරීමට ඔවුන් තීරණය කලහ.

Minister Nandimithra's Political life about to end


මගේ දේශපාලන ජීවිතය ඉවරයි
මෝඩයන්ට වඩා තරුණයන් හොඳයි

පසුගිය දිනක තමන් විපක්ෂයේ පොදු අපේක්ෂකයා බවට පත්වීමට සූදානම් බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කර එය තමන් “ජෝක් එකට“ කී දෙයක් බව පවසා ජනතාව සහ මාධ්‍ය ජෝක් එකකට ගත් අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක ඊයේ පවසා ඇත්තේ තමන්ගේ දේශපාලන ජීවිතය දැන අවසානයට ලඟාවී ඇති බවයි. රැස්වීමකදී ජනතාව අමතමින් මෙසේ ප්‍රකාශකර ඇත. මෙය කිනම් පදනමක් මත කල ප්‍රකාශයක්ද යන්න ඔහු පැහැදිලිව සඳහන් කර නැත. වත්මන් දේශපාලනය තුල දේශපාලඥයෙක් වශයෙන් ක්‍රියාකර පලක් නැතිබවද ඔහු සඳහන් කර ඇත.

Sunday, May 18, 2014

Victory Parade Photos


Mervin silva ready to be the common candidate


පොදු අපේක්ෂකයා වෙන්න මම සූදානම් - මර්වින්

එක්සත් ජනතා නිදහස් සංධාන රජයේ මහජන සම්බන්ධතා අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා එළඹෙන ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට සූදානම් බව පවසා ඇත. විපක්ෂයට පොදු අපේක්ෂකයෙක් සොයාගැනීමට නොහැකිව වෙහෙසෙන බැවින් එම තනතුරට තමන් සූදානමින් සිටින බව එතුමන් ප්‍රකාශකර ඇත. ගියවර සරත් ෆොන්සේකා මහතා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කර පරාජයට පත්වීම නිසා මෙවර එම තනතුරට පුද්ගලයෙක් සොයාගැනීමට ඉතා අසීරුවී ඇත. කෙසේ වෙතත් මර්වින් සිල්වා මහතා පවසන්නේ තමන් එයට ඉතාම සුදුසු බවයි. එසේම තවදුරටත් කරුණු දැක්වූ ඔහු පවසා ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්කිරීමට කිසිඳු පොදු අපේක්ෂකයෙක්ට නොහැකි බවය.

Saturday, May 17, 2014

Police cop killer has been killed


ආයුධ පෙන්වන්නට යද්දී පොලීසිය වෙඩි තබයි
තවත් සැකකරුවන් අතඅඩංගුවේ

කුරුණෑගල බඩගමුවේදී නිරායුධ පොලිස් කොස්තාපල්වරයන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් එක් අයෙක් මරාදමා අනෙකාට මාරාන්තික තුවාල සිදුකල කල්ලියේ ප්‍රධාන සැකකරු වන හිටපු හමදා සෙබලෙක් අද මහනුවර උඩනුරවර දී පොලිස් වෙඩි පහරකින් මරණයට පත්ව ඇත. අද උදෑසන සඟවා ඇති ආයුද පෙන්වීමට යන අවස්ථාවේදී පොලිස් ග්‍රහණයෙන් මිදීමට උත්සහ කිරීමේදී පොලීසිය විසින් වෙඩිතබා ඇත.

5th Victory Parade at Matara


ජනපති ප්‍රධාන අමුත්තා වේ
ආරක්ෂක අංශවල 10000ක පිරිසක්

වසර තිහක කොටි ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම පරාජයට පත්කිරීමේ පස්වැනි සැමරුම් උළෙල ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් මාතර වෙරළ උද්‍යානයේදී අද පැවැත්වීමට නියමිතය. නිදහස් උළෙලට දෙවැනි නොවන මෙම සැමරුම් උත්සවය මාතරදී පවත්වනු ලබන්නේ ප්‍රථම වරටය. ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂක බලකායේ සෙබළුන් 7500 කට වැඩි පිරිසක්, නිලධාරීන් 1000 කට ආසන්න පිරිසක් මෙන්ම යුධෝපකරණ, ගුවන් යානා, පැරෂූට් අංග ගණනාවකින් මෙම උත්තමාචාර පෙළපාලිය සමන්විත වේ.

Funny Video song for Narendra Modi

මෝඩි වෙනුවෙන් නිර්මාණය කල ගීතය
අන්තර්ජාලයේ සුපිරි ප්‍රතිචාර
ඉන්දියානු මහ මැතිවරණය ජයග්‍රහණය කල භාරතීය ජනතා පක්ෂයේ අගමැති අපේක්ෂක නරේන්ද්‍ර මෝඩි තමයි අද ලෝකෙම ප්‍රධාන මාතෘකාවක් වෙලා තියෙන්නේ. ඒ අතරේ මෝඩිගේ ජය වෙනුවෙන් විවිධ පාර්ශව විවිධ ආකාරයේ සැණකෙලි පවත්වද්දී ඉන්දියානු ජාතික පුවත්පතක ග්‍රැෆික් නිර්මාණ ශිල්පියෝ පිරිසක් එකතුවෙලා අපූරු ත්‍රිමාණ වීඩියෝ පටයක් නිර්මාණය කලා. ඒ මෝඩි වෙනුවෙන්මයි.

University students against "Deyata Kirula" at Ruhuna


දැයට කිරුළට රුහුණේ ඉඩ නෑ
එස්.බී දඟලන්නේ ගමේ චණ්ඩියෙක් වගේ

රුහුණ විශ්වවිද්‍යාලයේ පැවැත්වීමට යෝජිත 2015 දැයට කිරුළ ජාතික ප්‍රදර්ශනය එහි පැවැත්වීමට තම ශිෂ්‍ය බලවේගය කිසිසේත්ම ඉඩ නොදෙන බව අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු නජිත් ඉන්දික මහතා කියා සිටී. විශේෂයෙන්ම ශිෂ්‍යයන්ගේ ප්‍රශ්න විසඳනවා වෙනුවට විශ්වවිද්‍යාල තුල නාස්තිකාර ප්‍රදර්ශන පවත්වා ඒවායින් ගසාකෑමට රජය ගන්නා උත්සහයට තමන් විරුද්ධ බව ඔහු වැඩිදුරටත් කියා සිටී.

Manmohan Singh says Good bye

ආචාර්ය මන්මෝහන් සිං අගමැතිකමට ආයුබෝවන් කියයි


ඉන්දියාවේ අගමැතිවරයා වශයෙන් වසර 10කට ආසන්න කාලයක් කටයුතු කල ආචාර්ය මන්මෝහන් සිං මහතා අද සිය ධූරයෙන් ඉල්ලා අස්විය. නව අගමැතිවරයා වන භාරතීය ජනතා පක්ෂයේ නරේන්ද්‍ර මෝඩිට තනතුරේ දිවුරුම් දීම උදෙසා එතුමන් මෙසේ ඉල්ලා අස්විය. ආසියාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ මහා පහන්ටැඹ ලෙස හඳුන්වනු ලබන මන්මෝහන් සිං මහතා ඉන්දියාව සතුව සිටින ඉහලම බුද්ධිමතෙක් මෙන්ම සරල නායකයෙක්ද වේ. කෙසේ වෙතත් එතුමන්ගේ සමුගැනීමේ සාදයට කොංග්‍රස් පක්ෂයේ අගමැතිධූර අපේක්ෂක රාහුල් ගාන්ධි මහතා සහභාගී නොවීමද දැඩි කතාබහට ලක්වූ කරුණක් විය.