Monday, May 19, 2014

Hathurusinghe is the new coach of Bangladesh


බංගලාදේශ නව පුහුණුකරු හතුරුසිංහ

දිගින් දිගටම අසාර්ථකභාවයට පත්වූ බංගලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණකරුවා ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චන්දික හතුරුසිංහ මහතා පත්කිරීමට බංගලාදේශ ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත. ඒ අනුව ඔහු ලබන මස සිට එම තනතුරේ වැඩ බාර ගැනීමට නියමිතය. දක්ෂ ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත බංගලාදේශ කණ්ඩායම පසුගිය ශ්‍රී ලංකා තරඟාවලිය මෙන්ම, ආසියානු කුසලාන  තරඟාවලිය සහ විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේදී දැඩි පසුබෑමකට ලක්විය. ඒ හේතුවෙන් පුහුණුකාරිත්වයේ වෙනසක් සිදුකිරීමට ඔවුන් තීරණය කලහ.


1991 දී නවසීලන්තයට එරෙහිව හැමිල්ටන්හීදි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිකරගත් හතුරුසිංහ දකුණත් පිතිකරුවෙක් සහ මදවේග පන්දු යවන්නෙක් ලෙස කටයුතු කලහ. ටෙස්ට් තරඟ 26 කදී අර්ධ ශතක 8 ක් සමග ලකුණු 1274 ක් සහ පන්දු යැවීමෙන් කඩුලු 17 ක්ද, එක්දින තරඟ 36කදී අර්ධ ශතක 4 ක් සමග 669ක් සහ පන්දු යැවීමෙන් කඩුලු 14 ක්ද ලබාගත් ඔහු පිටියෙන් සමුගන්නේ 1999 වර්ෂයේදීය. ඉන් අනතුරුව ප්‍රාන්ත කණ්ඩායම්වල පුහුණුකරුවෙක් ලෙස කටයුතු කරමින් විශාල අත්දැකීම් ප්‍රමාණයක් එක්කර ගැනීමට ඔහුට හැකිවිය.

No comments:

Post a Comment