Saturday, May 17, 2014

5th Victory Parade at Matara


ජනපති ප්‍රධාන අමුත්තා වේ
ආරක්ෂක අංශවල 10000ක පිරිසක්

වසර තිහක කොටි ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම පරාජයට පත්කිරීමේ පස්වැනි සැමරුම් උළෙල ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් මාතර වෙරළ උද්‍යානයේදී අද පැවැත්වීමට නියමිතය. නිදහස් උළෙලට දෙවැනි නොවන මෙම සැමරුම් උත්සවය මාතරදී පවත්වනු ලබන්නේ ප්‍රථම වරටය. ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂක බලකායේ සෙබළුන් 7500 කට වැඩි පිරිසක්, නිලධාරීන් 1000 කට ආසන්න පිරිසක් මෙන්ම යුධෝපකරණ, ගුවන් යානා, පැරෂූට් අංග ගණනාවකින් මෙම උත්තමාචාර පෙළපාලිය සමන්විත වේ.


මෙම උත්සවය වෙනුවෙන් මාතර විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන අතර මාතර නගරය හරහා සියළුම රථවාහන ධාවනය නතර කර ඇත. සති කීපයක සිට මේ සඳහා මාතර වෙරළ තීරයේ මාර්ගය වසා ඉදිකිරීම් කටයුතුද සිදුකරනු ලැබීය. අති විශාල මුදලක් වැය කරමින් පස්වෙනි වරටද පවත්වනු ලබන මෙම සැමරුම සැබෑ විජයග්‍රහණය සැමරීමක්ද යන්න ප්‍රශ්නාර්ථයකි.

No comments:

Post a Comment