Sunday, May 18, 2014

Mervin silva ready to be the common candidate


පොදු අපේක්ෂකයා වෙන්න මම සූදානම් - මර්වින්

එක්සත් ජනතා නිදහස් සංධාන රජයේ මහජන සම්බන්ධතා අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා එළඹෙන ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට සූදානම් බව පවසා ඇත. විපක්ෂයට පොදු අපේක්ෂකයෙක් සොයාගැනීමට නොහැකිව වෙහෙසෙන බැවින් එම තනතුරට තමන් සූදානමින් සිටින බව එතුමන් ප්‍රකාශකර ඇත. ගියවර සරත් ෆොන්සේකා මහතා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කර පරාජයට පත්වීම නිසා මෙවර එම තනතුරට පුද්ගලයෙක් සොයාගැනීමට ඉතා අසීරුවී ඇත. කෙසේ වෙතත් මර්වින් සිල්වා මහතා පවසන්නේ තමන් එයට ඉතාම සුදුසු බවයි. එසේම තවදුරටත් කරුණු දැක්වූ ඔහු පවසා ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්කිරීමට කිසිඳු පොදු අපේක්ෂකයෙක්ට නොහැකි බවය.

නිසැක ලෙසම ලබන වසරේ මුල ජනාධිපතිවරණයක් පැවැත්වීමට ඉඩ ඇති බව පෙනෙන්නට ඇති අතර ඒ සඳහා රජය මෙන්ම විපක්ෂයද දැන් සිටම සූදානම් වෙමින් සිටින බව පැහැදිලිය. ඒ අතර  තුර විපක්ෂය ඒකාබද්ධව පොදු අපේක්ෂකයෙක් යටතේ තරඟවැදීමට මෙවරද අදහස් කරගෙන ඇතිබව සඳහන් වේ. මීට දින කීපයකට පෙර ජනතා විමුක්ති පෙරමුණද සිය ස්ථාරය ප්‍රකාශ කරමින් සඳහන් කලේ තමන්ගේ සහය ලබාදෙන්නේ නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙක්ට පමණක් බවය. එසේම මහින්ද රාජපක්ෂ පාලනය අවසන් කල හැකි සුදුසුම පුද්ගලයාට තම උපරිම සහය ලබාදෙන බව ඔවුන් ප්‍රකාශකර සිටී.

No comments:

Post a Comment